වනිඳු තවත් පිම්මක් පනී

වනිඳු තවත් පිම්මක් පනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

ඒ අනුව ඔහුට හිමිව ඇති ස්ථානය වන්නේ 5 වන ස්ථානයයි.

වනිඳු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි.

මේ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රෂීඩ් ඛාන් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානය හිමිකරගෙන ඇත.

Josh Hazlewood එහි පළමුතැන තවදුරටත් රැඳී සිටී.