ශ්‍රී ලංකා ක්‍රිකට් අයියලා අද අවසන් පූර්ව සටනට

රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගය යටතේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරඟය අද (29) ප.ව.7.30ට ඉන්දියාවේ රාජ්පූර්හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නායක ටී.එම්. ඩිල්ශාන් විසින්ද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නායක බ්‍රයන් ලාරා විසින්ද මෙහෙයවනු ලබයි.
ලීග් ක්‍රමය යටතේ පැවති මූලික වටයේ තරඟවලදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගි වූ තරඟ පහෙන් හතරක් ජය ගෙන මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණ හතරක් ඇතුළුව ප්‍රසාද ලකුණු 18 ක් ලබාගත් අතර අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අත්හැර දමන ලද තරගයේ දී හිමි වූ ප්‍රසාද ලකුණු දෙකද ඒ අතර වේ.
බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරඟ පහෙන් තරඟ දෙකක් ජයගත් අතර විසඳුමකින් තොර වූ තරඟ දෙකක් ද සමග ඔවුන්ට හිමි වූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12කි.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත් ඔස්ට්‍ර්ලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දෙවන ස්ථානය හිමි කරගත් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි.
ඊයේ එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා අද තරඟය පැවැත් වෙන බවයි වාර්තා වෙන්නේ.
එම තරඟයෙන් ජයගත් කණ්ඩායම සහ අද පැවැත්වීමට නියමිත තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන පළමු වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

