ජාතික රෝහලේ රසායනගාර පරීක්ෂණ 20ක් පමණ නැවතෙයි

කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව, කොලෙස්ටරෝල් ඇතුළු ජීව රසායන පරීක්ෂණ විස්සක් පමණ සිදු කිරිම නතර වී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේශ් කියා සිටියේ, රෝහල් බලධාරීන් අදාළ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය කරන රසායන ද්‍රව්‍ය සහ උපකරණ ලබා ගැනීමට කටයුතු නො කිරීම මිට හේතු වී ඇති බව යි.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ කියා සිටියේ, රසායන පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත යොමු කරනු ලබන්නේ, රසායනාගාර සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වුව හොත් පමණක් බව යි.
කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම්වල හිඟතාවක් පවතින බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

