දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය වර්ජනය අත්හිටුවයි

දුම්රිය නියාමකවරුන් අද (30) පෙරවරුවේ හදිසියේ ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

විනය සහ අතිකාල සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමින් නියාමකයින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි වර්ජනය අවසන් කර ඇත්තේ.

COMMENTS