පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන සිසුන්ට පාඩමක්

පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන සිසුන්ට පාඩමක්

පාර්ලිමේන්තු ක්‍රමවේද හා ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වුණා.

එම විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සභිකයින් සහ ආරාධිත පාසල් වල ශිෂ්‍යයන් ද මේ සඳහා එක්ව සිටි අතර උසස් පෙළ සිසුන්ගේ දේශපාලන විද්‍යාව එහි අරමුණ වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින්, ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තුව, සංක්ෂිප්ත ප්‍රවේශයක් මැයෙන් දශක ගණනක සිය පාර්ලිමේන්තු සේවා අත්දැකීම් පාසල් ශිෂ්‍ය ප්‍රජාව සමඟ බෙදා ගෙන තිබුණා.