වසන්ත වෙනුවෙන් වන්නිලා ඇත්තන් පෙරට එයි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කිරීමට සූදානම් බව ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ප්‍රකාශ කළා.
තම කණ්ඩායමේ ඕනෑම අයෙකුට යම් කරදරයක් ඇතිව තිබේනම් ඒ වෙනුවෙන් පෙනී සිටීම තම වගකීමක් බවයි ඔහු සඳහන් කළේ.
වසන්ත මුදලිගේ වරදක් කර ඇත්නම් ඒ සඳහා දඬුවම් ලබා දීම සිදුකළ යුතු බවට තමාද එකඟ වන බව පැවසු ආදීවාසී නායකයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ අහේතුක අන්දමින් ඔහු රඳවාගෙන සිටීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

