වැඩ පෙන්නු පැසිපන්දු ශුරියන් දිවයිනට

වැඩ පෙන්නු පැසිපන්දු ශුරියන් දිවයිනට

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව දෙවන වරටත් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වූ අතර, ඊයේ පැවති අවසන් තරගයේ දී සත්කාරක මාලදිවයින් කණ්ඩායම ලකුණු 72ට 59ක් ලෙස පරාජයට පත් කරමිනුයි ශ්‍රී ලංකාව එහි ශූරතාව දිනාගනු ලැබුවේ.

අද දිවයිනට පැමිණි කාන්තා පැසිපන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපලේ දී සංවිධාන කර තිබූ බව වාර්තා වෙනවා.