සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

2.5% ක සමාජ ආරක්ෂණ බද්ද අද(01) සිට ක්‍රියාත්මක වේ.
මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නව බදු පැනවීමත් සමඟ භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, රජයට ආදායම් ඉපැයීම සඳහා පනවන මෙවැනි බදු යොදා ගත යුත්තේ තාවකාලිකව බවද ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් එය ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කෙරෙන අතර ඒ යටතේ රුපියල් මිලියන 120 ට වැඩි වාර්ෂික පිරිවැටුම මත සියයට 2.5 ක බද්දක් අයකෙරෙනු ඇති.
කෙසේ වෙතත් ඖෂධ, පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්, එල්.පී. ගෑස්, දේශීය නිෂ්පාදකයෙකුගෙන් හෝ නිපදවන්නෙකුගෙන් මිලදී ගනු ලබන නැවුම් කිරි, අමු පත්‍ර, කුරුඳු හෝ රබර් ඇතුලු ද්‍රව්‍ය කිහිපයක් සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
එමෙන්ම විදුලි උත්පාදනය හෝ විදුලිය නිපදවීම, වෛද්‍ය සේවා, ජල සැපයුම, භාණ්ඩ සහ මගී ප්‍රවාහනය, නිමි ඇඳුම් මැසීමේ සේවා, සංචාරක සේවා, ජීවිත රක්ෂණ ව්‍යාපාර, සිනමා ශාලා, විදේශ ව්‍යවහාර මුදල්වලින් ගෙවීම් කටයුතු ලබාගන්නා සේවා ඇතුලු සේවාවන් කිහිපයක් මෙම නව බද්දෙන් නිදහස් වනවා.

