හොර මත්පැන් හඳුනා ගන්න ඇප් එකක්

හොර මත්පැන් හඳුනා ගන්න ඇප් එකක්

ව්‍යාජ මත්පැන් හඳුනා ගත හැකි ජංගම දුරකතන යෙදවුමක් සුරා බදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව, දැනට වෙළෙඳපොළේ පවතින මත්පැන් බෝතල් මත අලවා ඇති ආරක්ෂක ස්ටිකරයේ ඇති QR කේතය ස්මාර්ට් ජංගම දුරකතනයක් මගින් ස්කෑන් කර අදාළ තොරතුරු ලබා ගත හැකි වන ලෙස සකසා තිබේ.

එය ප්‍රතික්ෂේප වුවහොත් ඒ මොහොතේ ම යෙදවුම මගින් පැමිණිලි කළ හැකි අතර ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක වීම ද සිදු කෙරෙන බව අමාත්‍යවරයා පැවසීය.

EXCISE TAX STAMP VALIDATOR යන නමින් ඇති එම යෙදවුම සියලුම ඇන්ඩ්රොයිඩ් දුරකතන හා ඇපල් දුරකතන සඳහා භාගත කර ගත හැකි වේ.

ඒ අනුව, අද (01) සිට එම යෙදවුම හරහා පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීමට හැකි වනු ඇත.

ඇපල් සඳහා: https://apps.apple.com/za/app/excise-tax-stamp-validator/id1640893927?platform=iphone

ඇන්ඩ්‍රොයිඩ් සඳහා: https://play.google.com/store/apps/details?id=com.madrassecurityprinters.digitalstampvalidator