පෙට්‍රල් මිල බැස්සුවත් ත්‍රිරෝද රථ ගාස්තු බස්සන්න බෑ

පෙට්‍රල් මිල පහත දැමීමට ඛනිජ තෙල් නීතිග සංස්ථාව ඊයේ තීරණය කළේය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් අඩු වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 30 කින් අඩු වී තිබෙනවා.
මෙම මිල සංශෝධනයට සාපේක්ෂව IOC සමාගමද පෙට්‍රල් මිල අඩු කර තිබෙනවා.
පෙට්‍රල් මිල අඩු වුවද ත්‍රිරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බවයි ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ. සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව සීමා සහිත බැවින් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව එම සංගම් පෙන්වා දෙනවා.

