ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලන්ට ජයක්

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයේ කාසිය වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.
එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 37ක් රැස්කළ අතර නිලක්ෂි ද සිල්වා ලකුණු 19ක් රැස් කළා.
ඒ අනුව, එක්සත් අරාබි එමීර් කාන්තා කණ්ඩායමට මෙම තරගය ජයගැනීම සඳහා පන්දු වාර විස්ස තුළ ලකුණු 110ක් ලබා ගැනීමට සිදු වුණා.
කෙසේ වෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 11ක ජයක් හිමි වුණා.





