කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් නම් කරයි

කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයින් නම් කරයි

මෙතෙක් සාමාජිකයන් නම් නො කළ කෝප් සහ කෝපා කමිටු සඳහා සාමාජිකයන් නම් කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (03) පාර්ලිමේන්තුවේ දී සිදු කළා.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී කථානායකවරයා දැනුම් දුන්නේ, රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සහ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයින් 27 බැගින් නම් කරන බව යි.

පසුගිය කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය චරිත හේරත්, මෙවර කෝපා කමිටුවේ සාමාජිකයෙකු ලෙස නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධුර විපක්ෂයට ලබා දෙන්නේ දැ යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් මෙහි දී ප්‍රශ්න කර සිටියා.

ඒ සඳහා පත් කළ මන්ත්‍රීවරුන් පහතින්,

ජගත් පුෂ්පකුමාර
ජානක වක්කුඹුර
ලොහාන් රත්වත්තේ
ඉන්දික අනුරුද්ධ
ඩී.වී.චානක
ශාන්ත බණ්ඩාර
අනුර දිසානායක
රවුෆ් හකීම්
පාඨලී චම්පික රණවක
මහින්දානන්ද අලුත්ගමගේ
රෝහිත අබේගුණවර්ධන
ආචාර්‍ය හර්ෂ ද සිල්වා
ඉරාන් වික්‍රමරත්න
නිමල් ලන්සා
එස්.එම්.එම්. මුෂාරෆ්
නලින් බණ්ඩාර ජයමහ
එස්.එම්.මරික්කාර්
මුජුබර් රහුමාන්
රෝහිණී කුමාරි විජේරත්න
සංජීව එදිරිමාන්න
ජගත් කුමාර සුමිත්‍රාරච්චි
ප්‍රේමනාත් සී.දොළවත්ත
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
සානක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම්
රාජිකා වික්‍රමසිංහ
මධුර විතානගේ
රංජිත් බණ්ඩාර