නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් තිදරු මවක් මරුට

නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් තිදරු මවක් මරුට

අද (03) දිඹුල-පතන පොලිස් වසමට අයත්, මවුන්ට් වර්නන් තේ වතුයායේ උඩ කොටසේ වතු නිවසක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි කාන්තාවක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා

අධික වර්ෂාවත් සමග පස් කන්ද කඩා වැටී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ

මෙසේ මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි තිදරු මවක්

මිය ගොස් සිටින කාන්තාව මුළුතැන්ගෙයට තේ පිළියෙල කිරීම සඳහා සිය දියණිය සමග ගිය අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ .

දියණියට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය සඳහන් කරනවා

මේ අතර හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව තිබෙන බව හැටන් පොලිසිය පවසනවා

එමෙන්ම එම නිවසේ නිදා සිටි දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කළා

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන තද වැසි සහ සුළං හේතුවෙන් මෙම ගස කඩා වැටි ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ