පොපි මල් දින පළමු පොපි මල ජනපතිට

පොපි මල් දිනය නිමිත්තෙන් පළමු පොපි මල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) දහවල් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරුණා.
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ පොපි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසිනුයි පළමු පොපි මල ජනාධිපතිවරයාට පළඳවනු ලැබුවේ.
ලෝක සංග්රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව පොපි මල් දිනය සංවිධාන කරනවා.
එයින් ලැබෙන ආදායම යුද්ධයෙන් මියගිය විරුවන්ගේ පවුල්වල සහ ආබාධිත විරුවන්ගේ සුබසාධනය සඳහායි වැය කෙරෙන්නේ.
ඉන් අනතුරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධනට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටද පොපි මල් පැළඳවීම සිදු කෙරුණා.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ද පොපි මල් පැළඳවීම සිදු කෙරුනේ ඉන් අනතුරුවයි.


