රාජසන්තක කළ හමර් රථයක් වෙන්දේසියකදී අඩු මුදලකට ආනයනකරුටම දීලා

රාජසන්තක කළ හමර් රථයක් වෙන්දේසියකදී අඩු මුදලකට ආනයනකරුටම දීලා

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසුව පැවති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබාදීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අදාළ වාහනය තවත් වාහන තුනක් සමඟ මේ වසරේ (2022) පෙබරවාරි 22 වැනිදා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය,

පසුව ඒවා රාජ සන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැත. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී ඇත.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40 ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5ටය. එනම් තක්සේරු වටිනාකමින් 33. 75%ක අඩු මිලක් යටතේය. නමුත් රේගු ආඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකමින් 10%ක් නො ඉක්මවූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක්වේ.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය.