T20 තරඟය උඩු යටි කුරු කළ රකීම් කෝන්වෝල්

T20 තරඟය උඩු යටි කුරු කළ රකීම් කෝන්වෝල්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රකීම් කෝන්වෝල් 20යි 20 තරඟයක දී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් ව තිබෙනවා.

අමෙරිකාවේ පැවැත්වෙන ඇට්ලන්ටා විවෘත 20යි 20 තරගාවලියේ දී Atlanta Fire කණ්ඩායම නියෝජනය කරමිනු යි ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත් ව ඇත්තේ.

මෙම තරඟයේ දී එම කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ Square Drive කණ්ඩායම යි.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් Atlanta Fire කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්.

කෝන්වෝල් පන්දු 77කින් නොදැවී ලකුණු 205ක් රැස් කළේ හයේ පහර 22 කින් හා හතරේ පහර 17 කින් සිය ඉනිම වර්ණවත් කරමින්.

ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ, 266.23ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Square Drive කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154ක් පමණ යි.

ඒ අනුව මෙම තරඟයෙන් Atlanta Fire කණ්ඩායමට ලකුණු 172ක දැවැන්ත ජයක් හිමි වුණා.

https://bit.ly/3e8YVGp