වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට ලිපියක්

වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට ලිපියක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට සඳහන් නිර්නාමික ලිපියක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට ලැබී ඇති බව වසන්ත මුදලිගේ ගේ සහෝදරයා වන අනුර මුදලිගේ පවසයි

ශිෂ්‍ය ක්‍රියාකාරී වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක දඬුවම සම්බන්ධයෙන් යළිත් වරක් සිතාබලන ලෙසට මාධ්‍ය වෙත මීට පෙර පැවසූ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ට පසුගිය 4 වනදා එම ලිපිය ලැබී තිබේ.

එම ලිපිය වසන්ත මුදලිගේ ගේ සහෝදරයා ඊයේ (08) මාධ්‍යයට අනාවරණ කළේය.