එරෝෆ්ලොට් ගුවන් ගමන් අද සිට යළි අරඹයි

අත්හිටවනු ලැබූ රුසියානු එරෝෆ්ලොට් ගුවන්සේවයේ වාණිජ ගුවන් ගමන් අද (10) සිට යළි ආරම්භ කිරීමට නියමිත යි.
ගුවන් තොටුපොල සහ ගුවන් සේවා සමාගම සඳහන් කළේ, රුසියාවේ මොස්කව් සිට නැවත වරක් ශ්රී ලංකාවට ගමන් ආරම්භ කරන එරෝෆ්ලොට් පළමු ගුවන් යානය අද උදැසන 10.45ට කටුනායක ගුවන් තොටුපොල වෙත ළඟාවීමට නියමිත බව යි.
අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ටේ්රඩිං ලිමිටඩ් සමාගම ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ජුනි 02 වැනි දා රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම වෙත පැනවූ වාරණ නියෝගයත් සමඟ යි ශ්රී ලංකාව සහ රුසියාව අතර එරෝෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් ගමන් නතර කෙරුණේ.
මෙම ගුවන් ගමන් යළි ආරම්භ වීමත් සමඟ රුසියානු සංචාරකයන් ශ්රී ලංකාවට පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කෙරෙනවා.

