ගාලුමුවදොර අදත් විරෝධතාවයක්

ගාලුමුවදොර අදත් විරෝධතාවයක්

අද සවස 3ට පමණ ගාලුමුවදොර භූමියේ දී ජනතා නිදහසට අත නොතබනු මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් ආරම්භ කල උද්ඝෝෂණය මහජන පීඩාවක් වන බැවින් එය වලක්වන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (10) ප්‍රතික්ෂේප කළේය.

ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කරන්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ සාමකාමී රැස්වීමේ නිදහස තම සේවාදායකයන්ට අයිතියක් ඇති බව කියා සිටියා.

නීති විරෝධී කිසිවක් කිරීමට සැලසුම් නැති බව කියා සිටී ඔහු සාමකාමී අයිතිය නවත්වන්න ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ නැති බව අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ කොටුව පොලීසිය කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත ප්‍රනාන්දු සහ වරාය අධිකාරිය වෙනුවෙන් වසන්ත පුෂ්පකුමාර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි කර ඇති බව කියා සිටියා.

සිය නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත් වරයා මෙසේ සඳහන් කළා..

ගාලුමුවදොර සහ පොදු ස්ථාන වල රැස්වීමේ අයිතිය ඇති සේම එම ස්ථාන භාවිතා කිරීමටත් පොදු මහජනතාවටත් අයිතිය තිබෙනවා.

එම අයිතිය ආරක්ෂා කළ යුතු සේම ඒ අවට මාර්ගවල ගමන් කරන රථ වාහන වලට පුද්ගලිකව බාධා නොවන ලෙස උද්ඝෝෂනය කළ යුතුයි යන්නයි.