ජී.එල්. ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

ජී.එල්. ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

පළාත් පාලන මැතිවරණය කල්දැමුව හොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, නිදහසේ ජනතා සභාව අද (10) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජී.එල්. පීරිස්,

“අපි අනිවාර්යයෙන් නඩු මඟට පිවිසෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කරන්න පුළුවන් සෑම දෙයක් ම අපි කරනවා මේ රටේ ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය, ඡන්දය දීමේ අයිතිය රැක ගැනීම සඳහා.” යනුවෙන් පැවසීය.

COMMENTS