මාස 4කට පසු ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Photos)

මාස 4කට පසු ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Photos)

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් යළි අරඹමින් පළමු යානය අද (10) දිවයිනට පැමිණියා.

මාස 4 ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එයරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින් ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය අද උදෑසන 10.03ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේ ය.

රුසියාවේ මොස්කව් නුවර ෂෙරිමේතීවෝ (Sheremetyevo) ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කළ එයරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

330 – 300 එයා බස් වර්ගයේ ගුවන්යානයක් එලෙස පළමු ගුවන් ගමන සඳහා පැමිණ තිබූ අතර එහි ගුවන් මගීන් 252 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙක් ද සිටියහ.

එයරොෆ්ලොට් ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියක ම සඳුදා සහ සිකුරාදා රුසියාවේ මොස්කව් සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර පැය 9 ක ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

එමෙන් ම, එළඹෙන නොවැම්බර් සිට මාර්තු මාසය දක්වා වු ශීත ඍතු කාලසීමාව තුළ සතියකට දින 3 ක්, එනම් සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර කටුනායක ගුවන්තොටුපොලට පැමිණ සිටියහ.

COMMENTS