අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ දෙකක්

අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ දෙකක්

අතුරුදන්වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ටාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන දක්නට නොලැබීමේ සහතිකය පදනම් කරගනිමින් අතුරුදන්වූ තැනැත්තාගේ ළඟම ඥාතියාට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිව තිබුණා

කෙසේවෙතත් දක්නට නොලැබීමේ සහතිකය ලබාගැනීමට කාලයක් ගතවීමත් ,ගෙවනු ලබන ලක්ෂයක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සැලකිල්ලට ගෙන අදාළ පුද්ගලයා අතුරුදන්වී ඇති බවට හානි පූර්ණ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත්නම්, දක්නට නොලැබිමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමටත් ගෙවන ලද මුදල ලක්ෂ දෙක දක්වා වැඩිකිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.