ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතට

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමට නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග තීරණය තිබෙනවා.
එමෙන්ම ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයින්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232ක මුදලක් අනුමත කර ගැනීමට ද අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව යි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය නිවේදනය කළේ.
එම ආයතන දෙකෙහි පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 164ක මුදලක් අවශ්‍ය වී තිබෙනවා.

