පන්සලක මල් වට්ටියක් ලක්ෂ 11කට තුන් ඈවර වෙයි (Photos)

පන්සලක මල් වට්ටියක් ලක්ෂ 11කට තුන් ඈවර වෙයි (Photos)

ඊයේ (11) පැවති මල් වට්ටි වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් ලක්ෂ එකොළහකට අලවි වූ සිද්ධියක් වාර්තා වනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ලෙනදොර – කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි වන ධර්ම ශාලා ගොඩනැගිල්ලට ආධාර පිණිස යි තෙදිනක් පුරා මෙම පිංකම් මාලාවේ පැවැත්වී ඇත්තේ.

පැවැති කුසුම් බදුන් වෙන්දේසියේ දී එක ම පවුලේ සහෝදරයන් වන කිරලැස්ස ප්‍රදේශයේ පදිංචි එම්.එම්. ප්‍රියන්ත බණ්ඩාර,එම්.එම්.පද්ම නිමල් බණ්ඩාර සහ එම්.එම්.ශාන්ත බණ්ඩාර යන අය මල් වට්ටිය මිල දී ගත් බව සඳහන්.

කුසුම් බදුන් වෙන්දේසියේ අවසන් ලන්සුව වූ රුපියල් ලක්ෂ එක හමාරක මුදලකට යි ඔවුන් මෙම මල් වට්ටිය මිල දී ගෙන ඇත්තේ.

වෙන්දේසිය රාත්‍රී දොළහ දක්වා පැවැත්වුණු බව වාර්තා වෙනවා.

සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රවීණ කිවිවර හා විරිදු ගායන ශිල්පි වයි.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ, ලංකා ඉතිහාසයේ පළමු වරට පැය හතරක් වැනි කෙටි කාලයක් තුළ කුසුම් බදුන් වෙන්දේසියක රුපියල් ලක්ෂ එකොළහකට මල් වටිටියක් අලවි වූ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.