විරෝධතාවලට දරුවන් රැගෙන ඒම පිළිබඳව පරීක්ෂණයක්

විරෝධතාවලට දරුවන් රැගෙන ඒම පිළිබඳව පරීක්ෂණයක්

දරුවන් පිරිසක් උද්ඝෝෂණවලට රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙනවා.

සිද්ධීන් සම්බන්ධයෙන් ලැබුණු දෙකක් පැමිණිලි පදනම් කරගෙන ඒ විමර්ශනය ආරම්භ කළ බව අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

සිද්ධිය පිළිබඳව පුළුල් ලෙස කරුණු සොයා බලන බව පැවසූ සභාපතිවරයා මවුපියන් අතින් වරදක් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මේ පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ කොළඹ ගාලු මුවදොර පැවති උද්ඝෝෂණයකට දරුවන් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙනි

COMMENTS