අතුරුදහන් වූ සරසවි සිසුවා යළි ඇවිත්

අතුරුදහන් වූ සරසවි සිසුවා යළි ඇවිත්

දින 10ක් පුරා අතුරුදන් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවා ඊයේ (12) පස්වරුවේ යළි විශ්වවිද්‍යාලයට පැමිණ තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උලකුලපති, මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් අතරුදන් වූ සිසුවා යළි විශ්වවිද්‍යාලයට පැමිණ ඇතැයි පැවසීය.

මෙම සිසුවා පසුගිය ඔක්. 2 වන දින නේවාසිකාගාරයේ ලිපියක් ලියා තබා අතුරුදන් විය.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මගින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

සිසුවා බදුල්ල ප්‍රදේශයේ දින කිහිපයක් ගත කර යළි විශ්වවිද්‍යාලයට පැමිණ තිබෙන බවට පොලිසියට අනාවරණය වී තිබේ.