අධිකරණයට භාර වූ සනත් නිශාන්තට දැඩිව අවවාද කර මුදා හරී

අධිකරණයට භාර වූ සනත් නිශාන්තට දැඩිව අවවාද කර මුදා හරී

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිය නීතීඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට භාර වී තිබේ.

ඒ අනුව, නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විත්තිකාර සනත් නිශාන්ත පෙනී සිට ඇත.

එහිදී විත්තිකාර සනත් නිශාන්තට තරයේ අවවාද කර ඇති විනිසුරු මඩුල්ල මින් මතුවට සෑම දිනක ම අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටිය යුතු බවට තරයේ අවවාද කර මුදා හැරීමට නියම කර තිබේ.

අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවීමට ද අධිකරණය නියම කර ඇත.

COMMENTS