ඉන්ධන ගෙන්වීමට නොහැකි බව පවසමින් තිළිණි ප්‍රියමාලි ඩොලර් වලටත් විදලා

ඉන්ධන ගෙන්වීමට නොහැකි බව පවසමින් තිළිණි ප්‍රියමාලි ඩොලර් වලටත් විදලා

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි ඉන්ධන අර්බුදයෙනුත් ඩොලර් වංචා කර ඇති බව හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය බරපතල තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවේදී ඉන්ධන ආනයන නියෝජිතවරියක ලෙස ද පෙනී සිටි බව දැනට ලැබී ඇති තොරතුරු මගින් හෙළි වී තිබෙනවා. එමගින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණන් වංචා කර ඇති බවයි පැවසෙන්නේ. මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ නියෝජිතවරිය ලෙස පෙනී සිටිමිනුයි ඇය ඩොලර් වංචා කර ඇත්තේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ගෙන්වීමට නොහැකි බව පවසමින් ව්‍යාපාරිකයන් රවටා මෙසේ මුදල් වංචා කර තිබෙනවා.

ඉන්ධන ගෙන්වීමෙන් පසු ඒවා අලෙවි කොට වැඩි ලාභයක් දිය හැකි බව පවසමින් සැකකාරිය තමා රැවට්ටූ බවට ව්‍යාපාරිකයෙක් මේ වන විටත් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.මේ ආකාරයෙන් ව්‍යාපාරිකයන් රැසකගෙන් ඇය ඩොලර් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තිලිණි ප්‍රියමාලිගේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලයත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් කර තිබුණා. ප්‍රියමාලි අධිපති ධුරය දැරූ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන් දෙදෙනා මාධ්‍ය විශේෂඥයින් ලෙසයි එම ආයතනය මගින් හදුන්වාදී තිබෙන්නේ.ඒ අනුව ජනප්‍රිය නිවේදිකාවක වන සුරංගි කොඩිතුවක්කු සහ ධනංජය නානායක්කාර අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.