මාස 8ක් තුල වෛද්‍යවරුන් 500ක් පිටරට ගිහින්

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීමත් සමඟ වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
කොළඹ ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ පසුගිය මාස 8 තුල වෛද්‍යවරුන් 500ක් පමණ විදෙස් ගතව ඇති බවයි.

