රුසියාවේ හිතුවක්කාර ක්‍රියාවලට ශ්‍රී ලංකාව ගත් තීරණය

රුසියාව විසින් යුක්‍රේනයේ කලාප හතරක් “නීති විරෝධීව ඈඳා ගනු ලැබීමේ උත්සහය” හෙළා දැකීමට සහ වහා ම එම ක්‍රියාමාර්ග ආපසු හැරවිය යුතු බවට බල කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ඊයේ (12) පැවති ඡන්ද විමසීමේදී එම යෝජනාවට රටවල් 143ක සහය හිමි වී ඇති අතර විරුද්ධව ඡන්ද 5ක් ලැබී ඇත.
එමෙන් ම ශ්‍රී ලංකාව, චීනය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු රටවල් 35ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.
මෙම වසරේ මාර්තු මාසයේදී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ද ශ්‍රී ලංකාව එලෙස ම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.


