ජාත්‍යන්තර බිත්තර දිනය ඉතිහාසයේ පළමු වරට ලංකාවේ සමරයි

ජාත්‍යන්තර බිත්තර දිනය ඉතිහාසයේ පළමු වරට ලංකාවේ සමරයි

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙන අතර එම දිනය සමරමින් ගැබිණි මව්වරුන් 500කට පෝෂණ මල්ලක් බැගින් ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික වැඩසටහන කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ අගුණකොළපැලැස්ස පුරහලේදී පවත්වා තිබෙනවා.

1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කරනු ලැබීය.

එතැන් පටන් සෑම වසරකම සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩ සටහන් සංවිධානය කර නැත.

COMMENTS