නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි – තුන්දෙනෙක් සොයා මෙහෙයුම්

වරකාපොල -තුඹලියද්ද ප්රදේශයේදී නිවසක් මතට පස්කන්දක් කඩා වැටී එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු සිරවී තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නිවස තුළ සිටි එක් අයෙකු පසුව මුදාගැනීමට කටයුතු කළ බවයි.
ඔහු මේ වනවිට ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පස්කන්දට යට වූ අනෙක් පිරිස ගලවා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

