පමන ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ මෙරටට ආවොත් බලාගෙනයි

පමන ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ මෙරටට ආවොත් බලාගෙනයි

ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ හේතුවෙන් රටට මසකට අහිමිවන අමරිකානු ඩොලර් ප්‍රමාණය මිලියන 30 ද ඉක්මවන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත් මේ හේතුවෙන් සාමාන්‍ය මගීන් හට කිසිදු අසාධාරණයක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.