මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 එක තිළිණි ප‍්‍රියමාලිට අලෙවි කළාද ?

මුරුත්තෙට්ටුවේ හිමිගේ V8 එක තිළිණි ප‍්‍රියමාලිට අලෙවි කළාද ?

තමන්වහන්සේ භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථය තිලිණි ප්‍රියමාලිට අලෙවි කර ඇති බවට වසන්ත සමරසිංහ මහතා කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා.

කිසිලෙසකින්වත් තිළිණි පියුමාලි නමැත්තිය පිළිබඳව තමන් වහන්සේ මීට ඉහතදී දැන නොසිටි බවයි උන්වහන්සේ පැවසුවේ.

මේ අතර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි 11 ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා.

තිලිණි ප්‍රියමාලිගේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයේ සේප්පුවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂාවට ලක් කළා. එහි මුදල් කිසිවක් නොතිබූ බවයි සඳහන් වන්නේ. ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් මුදල් ඇය වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. කොළඹ කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු ද රුපියල් කෝටි 75 ක මුදලක් ඇයගේ ආයතනයේ තැන්පත් කර ඇති බව හෙළිකර ගැනුනා. එම මුදල් ද වංචා කර ඇති බවටයි පැමිණිලි ඉදිරිපත්ව තිබෙන්නේ.