ශ්‍රී ලංකාවේ ණය ගැන පැරිස් සමාජය කළ ඉල්ලීමට ඉන්දියාවේ හා චීනයේ ප්‍රතිචාරයක් නෑ

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැරිස් පැරිස් සමාජයේ හිමි රටවල් පසුගිය මාසයේ චීනය හා ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතත් ඒහි රටවලින් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව වොෂින්ටනයේදී ඉන්දීය නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇතත් හම සමුළුව සඳහා චීන නිලධාරීන් ඇමෙරිකාවට පැමිණ නැත.
ශ්‍රී ලංකා රජයේ දත්තවලට අනුව, පුළුල් පරාසයක ද්විපාර්ශ්වික ණය හිමියන්ට ඩොලර් බිලියන 14 කට ආසන්න මුදලක් ණය වී ඇති අතර, එයින් 66% ක් පැරිස් සමාජයේ නොවන සාමාජිකයින්ට ගෙවිය යුතුය.

