බස් – ලොරි අනතුරකින් 42ක් රෝහලේ

පලෙයි, මුහමාලෙයි ප්රදේශයේ A9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 42ක් තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, කිලිනොච්චි සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
තුවාලකරුවන් කිලිනොච්චි, යාපනය හා පාලෙයි යන රෝහල්වල ප්රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

