ඩිල්ෂාන් මධුසංකට T20 ලෝක කුසලානය අහිමිවන ලකුණු

ඩිල්ෂාන් මධුසංකට T20 ලෝක කුසලානය අහිමිවන ලකුණු

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරඟය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ජීලෝන් හිදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහරදෙන නැමීබියා කණ්ඩායම මේ වනවිට පන්දු වාර15ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටිනවා. වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංක මෙම තරඟය ආරම්භයට පෙර ඊයේ පැවති පුහුණුවීම්වලදී ආබාධයකට ලක්වුණා.

ඒ හේතුවෙන් ඔහු සති කිහිපයක් විවේක ගැන්වීමටයි කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ.

ඩිල්ෂාන් මධුසංක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ආදේශ කරනු ඇති බවයි වාර්තාවන්නේ.

COMMENTS