නෙදර්ලන්තයට කඩුළු 3ක ජයක්

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබී එමිර් කණ්ඩායමට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නෙදර්ලන්තය කඩුලු 3 කින් ජය ගත්තේ ය.
ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් එක්සත් අරාබී එමිර් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
නියමිත පන්දුවාර 20 අවසානයේ එක්සත් අරාබී එමිර් රාජ්‍ය ක්‍රීඩකයන්ට කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 111ක් පමණි.
මුහම්මද් වසීම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 කි.
බස්ඩ ලීඩ කඩුලු 3 කි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 59 කදී බිද වැටුණි.
මැක්ස් ඔ’ඩවුඩ් ලකුණු 23 කි.
නෙදර්ලන්ත ක්‍රීඩකයින් නියමිත ඉලක්කය පසු කළේ, තරඟය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ය.
ඒ වනවිට ඔවුන්ගේ කඩුලු 7ක්දැවී තිබුණි.
ජුනයිඩ් සිද්ධික් කඩුලු 3කි.

