මහින්දට එරෙහිව නාවලපිටියේ විරෝධයක් – සජබේ ආසන සංවිධායක ඇතුලු 10ක් අත්අඩංගුවට

සමගි ජනබලවේගය අද (16) නාවලපිටිය නගරයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් පැවති රැස්වීමට විරෝධය පළ කරමින්.
මෙහිදී කළහකාරී ලෙස හැසිරුණු සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැසවීම හිටපු ජනාධිපති සහ අගමැති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී අද දින පැවැත් වු අතර එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ ඇත.
දෙපිරිස අතර ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුළට පිවිසීමට හෝ උද්ඝෝෂණ කිරීමට පොලිස් නිලධාරින් කටයුතු කළ බව වාර්තා වෙනවා.
අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසීය.
නාවලපිටිය නගරයේ පැවති ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්වීමට තිබු උද්ඝෝෂණ හේතුවෙන් අමතර පොලිස් කණ්ඩායම් සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැඳවා ආරක්ෂාව තර කර තිබේ.






