T20 ලෝක කුසලානයේ, ශ්‍රී ලංකාව සහ නැමීබියාව තරඟය අද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (16) පැවැත්වෙනවා.
පළමු වටයේදී ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයෙන් තරඟ වදින අතර, අද පැවැත්වෙන තරඟයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ නැමීබියාවයි.
මෙම තරඟය මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ අද පෙරවරු 9ටයි.
ඔස්ට්‍රෙලියාවේ Geelong හි සිමන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දි පළමු T20 තරඟය දෙරට අතර ආරම්භ වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, ඔවුන් පසුවන්නේ පසුගියදා ශුරයින් ලෙස නිමාවට පත් වූ ආසියානු කුසලානයේ ජය උණුසුමත් සමගයි.
නැමීබියානු කණ්ඩායම නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙනවා.
ජෙරාඩ් එරස්මස් නැමීබියානු කණ්ඩායමේ නායකත්වය දරනවා.
මෙවර තරඟාවලියට රටවල් 16 ක් එක්වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08 ක් පළමු වටයේ තරඟ සඳහා අද සිට මුහුණ දෙනවා.

