ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක්

ඔස්ට්‍රෙලියා ක්‍රිකට් කණ්ඩායමට අලුත් නායකයෙක්

ඔස්ට්‍රෙලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස්, ඔස්ට්‍රෙලියානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේ සූදානමක් පවතිනවා.

ඒ වත්මන් ඔස්ට්‍රෙලියානු එක්දින හා විස්සයි විස්ස නායක ආරොන් ෆින්ච් එක්දින පිටියෙන් තම සමු ගැනීමේ කාලය තීරණය කිරීමෙන් අනතුරුව ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කවුන්සිලය ගනු ලබන තීරණයක් හැටියටයි.

ඒ අනුව පැට් කමින්ස් ඔස්ට්‍රෙලියාවේ 27 වැනි එක්දින නායකයා බවට පත්වනු ඇති අතර, ලබන වසරේ (2023) ඉන්දියාවේ පැවැත්වෙන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මෙහෙයවන නායකයා බවට පත් වීමට නියමිතයි.