ඉන්ධන ටැංකි රථයකට ජලය මිශ්‍ර වුණේ කොහොමද ?

ඉන්ධන ටැංකි රථයකට ජලය මිශ්‍ර වුණේ කොහොමද ?

ඊයේ (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සංස්ථා පාලනාධිකාරිය වෙත දැනුම්දී ඇති බවය.

කෙසේ වෙතත් පාරිභෝගික ජනතාව වෙත කිසිදු අයුරකින් ජලය මිශ්‍රිත ඉන්ධන තොග ලැබීමට ඉඩකඩ නොමැති අතර, නිසි ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැමවිට ම ලබා දීමට සංස්ථාව කටයුතු කරන බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.