තිළිණි ප්රියමාලි සිරමැදිරියේ ළඟ තබා ගත් දුරකතනයෙන් ලක්ෂ 300ක් ඉල්ලලා

රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් අනවසරයෙන් ලබා ගන්නා ලද දුරකතනයක් හරහා පුද්ගලයෙකු අමතා තමාට ඇප ලබා ගැනීම සඳහා ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසට තිළිණි ප්රියමාලි යන අය ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) කොළඹ අතිරේක මහේස්ත්රාත් ශිලනි පෙරේරා හමුවේ ප්රකාශ කළේ ය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්රියමාලි යන අයට එරෙහි නඩුව ඊයේ (19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේ ය.
සැකකාරිය විසින් බන්ධනාගාරය තුළදී අනවසරයෙන් තබා ගන්නා ලද දුරකතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
තිළිණි ප්රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර සැකකරුවන් නොවැ. 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණයේදී ස්කයිප් ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව අධිකරණය සැකකරුවන් නොවැ. 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

