මවක සහ පුතෙකු රිය අනතුරකින් මරුට

කොළඹ – කුරුණෑගල මාර්ගයේ අලව්ව – වළකුඹුර ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මව සහ 24 හැවිරිදි ඇගේ වැඩිමහල් පුත්රයා වන අතර, ඔවුන් බොරලැස්ගමුව – දිවුල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන්.
මියගිය පුද්ගලයින් ගමන් කළ ත්රිරෝද රථය, මෝටර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී කොළඹ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

