සුපිරි 12 වටයේදී සිංහයන් සමඟ සටනට එන කණ්ඩායම් මෙන්න

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට ශ්‍රී ලංකාව ඊයේ (20) සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
ඒ, පළමු වටයේ දී A කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමත් සමගයි.
පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3ක් ක්‍රීඩා කළ අතර ඉන් තරග දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති දල ලකුණු ලබා ගැනීමේ වේගය +0.667 ක්.
ඇෆ්ඝනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වනවා.
සුපිරි 12 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 23 (ඉරිදා) වැනිදා පළමු වටයේ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට එරෙහිව හෝබාර්ට් හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
අනතුරුව එළඹෙන 25 වැනිදා සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වදින්නේ පර්ත් හී දී යි.
සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව එළඹෙන 29 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් පළමු වැනිදා බ්‍රිස්බේන් හී දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිත අතර ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනිදා සිඩ්නි ක්‍රීඩාංගනයේ දී යි.






