ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි

ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකකටයුතු යාත්‍රාවකට ඉන්දීය නාවික හමුදාවෙන් වෙඩි

මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දු – ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකසහිත යාත්‍රාවකට වෙඩි තබා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාව විසින් අවස්ථා කිහිපයකදීම මෙම යාත්‍රාවට අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර තිබුණද ඔවුන් ඉදිරියට ගමන් කිරීම හේතුවෙනුයි මෙලෙස මෙම යාත්‍රාවට වෙඩි තබා ඇත්තේ.

එහිදී යාත්‍රාවේ සිටි අයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් රාම්නාතපුරම් රජයේ රෝහල වෙත යොමුකර තිබුණා.

තුවාල ලැබූ පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ මලිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ ධීවරයෙක් බවට පසුව අනාවරණ වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ද තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

https://bit.ly/3TBwFeI