අද ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි පැය විසි හතර තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ සෙසු ප්රදේශවලද තද වැසි ඇතිවිය හැකියි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් සඳහන් කළේ වැසි ඇතිවනවිට පැවතිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගත යුතු බවයි.
එමෙන්ම ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු ස්වභාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
ඇතැම් අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභායක් ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මුහුදේ මෙන්ම ගංඟා සහ ජලාශවල දිය නෑමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

