කළුවර දැව මිශ්‍ර ගෘහ භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමට පියවර

කළුවර දැව මිශ්‍ර ගෘහ භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමට පියවර

රාජ්‍ය දැව සංස්ථාව සතුව පවතින කළුවර දැව මිශ්‍රව යොදාගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය සඳහා ගෘහ භාණ්ඩ සැකසීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අමාත්‍යංශයේ ප්‍රගතිය පිළිබඳ සිදු කරන ලද සාකච්ඡාවකදීයි.

එමෙන්ම ඉදිරි වර්ෂ කිහිපය තුළ දී ද මෙරටට ගෘහ භාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය අවසර ලබා නොදෙන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.