පාන් සඳහා උපරිම මිලක් සහ බරක් ගැසට් කරන්නලු

පාන් සඳහා උපරිම මිලක් සහ බරක් ගැසට් කරන්නලු

පාන් සඳහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සඳහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ අලෙවිකරනු ලබන පාන්වල මිල, බර හා ප්‍රමිතිය පිළිබඳව පාරිභෝගිකයින්ට ගැටලුවක් තිබුණේ අද ඊයේ නොවේ. ඒ පිළිබදව පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට පසුගිය වසර කිහිපය පුරා අප ඇතුලු පාරිභෝගිකයින් රාශියක් කර තිබුණි. එහෙත් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබුනේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් විධිවිධාන සලසා නොමැතිවීම නිසා බව ද එම සංවිධානය කියයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය රටපුරා බර අඩු පාන් සොයා මෙහෙයුම් කරන බව දන්වා කොළඔ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක අදාල වැටලීම් කර නීතිය ක්‍රියාත්මක කළ බවට ඔවුන්ගේ සමාජ මාධ්‍යජාල හරහා පුලුල් ප්‍රචාරයක් දී තිබුණ බවයි.