රෝහල්වල වැඩ නැවතෙයි ?

පවතින ඖෂධ හිඟය විශාල බිදවැටීමකට ලක්වෙමින් පවතින බැවින් ඉදිරියේ දී මෙරට සියලු රෝහල් අකර්මන්‍යය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා තිබේ.
මේ වන විට හෘද රෝග සඳහා ලබාදෙන ඇස්ප්‍රින් ඖෂධය පිටත ඖෂධහල්වලින් ලබා ගැනීමට රෝගීන්ට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොළඹ ජාතික රෝහලේ ද දැඩි ඖෂධ හිඟයක් පවතින බව නිර්වින්දන ඖෂධ හිඟතාවයෙන් සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේය.
මේ අතර තුවාල වෙලුම් පට, පුළුන් පවා රෝහල් ගණනාවක නොමැති තත්වයන් හමුවේ පෞද්ගලික ඔසුසැල්වලින් ඒවා මිල දී ගැනීම ඉහළ ගොස් ඇති බවයි පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන කියා සිටියේ.

